මධ්‍යම සහ දකුණු චීනයේ ගංවතුරින් 180 ක් මරුට

මධ්‍යම සහ දකුණු චීනයේ යන්ග්ස් ගංගාව ආශ්‍රිතව පවතින අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 180 කට වැඩි සංඛ්‍යාවක් මිය ගිය බව චීන ජන මාධ්‍ය පවසයි.

දස දහස් ගණනක් නිවාස ගංවතුර හේතුවෙන් විනාශ වී ඇති අතර මහාමාර්ග වැසී යාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල ජනතාව සෙසු ප්‍රදේශ වලින් වෙන්වී හුදකලා තත්වයට පත්වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

හුබෙයි පළාතේ ඉසෝ ක්‍රීඩාංගනය වැසි ජලයෙන් පිරීගොස් ඇති අයුරු

මේ දක්වා සිදුව ඇති විනාශය ඩොලර් බිලියන හයකට වැඩි විය හැකි බවටයි ගණන් බලා ඇත්තේ.

මෝසම් වැසි කාලයේ දී චීනයේ ගංවතුර ඇතිවීම සාමාන්‍ය තත්වයක් වුවද මේ වසරේ වර්ෂාව ඉතා දරුණු ලෙස ඇද හැළුණු බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

හුබෙයි පළාතේ වුහන් හි ගම්වැසියන් බෝට්ටු වල නැගී ජලයෙන් යටවූ මහාමාර්ග වල ගමන් කරන ආකාරය

කාලගුණ අනාවැකි අනුව වර්ෂාව මේ සතිය තුළ තව දුරටත් පවතින අතර චීනයේ නැගෙනහිර ප්‍රදේශය දෙසට කුණාටුවක් ඇදෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජලකඳ නවතාලීමට උත්සාහ ගන්නා පොලිස් නිලධාරීන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගුයිෂෝ පළාතේ බීජී නගරය ජලයෙන් යටවී ඇති අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජියන්ක්ෂි පළාතේ විශාල ප්‍රදේශයක් ගංවතුරට යටවී තිබේ.