උතුරු බංග්ලාදේශයේත් බෝම්බ ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, Focus Bangla
බංග්ලාදේශය පුරා සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතිද්දීය මෙම ප්‍රහාර එල්ලවී ඇත්තේ
බංග්ලාදේශයේ විශාලතම උත්සවය ලෙස සැලකෙන රාමදාන් නිරාහාර මාසය අවසන් කිරීම සැමරීමේ උත්සවය පැවැත්වෙන උතුරු බංගලාදේශයේ බෝම්බ පිපිරීම් සිදුවී තිබේ.
කිශෝර් ගොන්ජ් නගරයෙන් ලැබෙන වාර්තාවලින් පැවසෙන්නේ බෝම්බ පිපිරීම් සහ පොලිස් මුරපළ වලට ප්‍රහාර එල්ලවීම් සිදුවී ඇති බවයි.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ එක් ප්‍රහාරකයෙකු මියගිය බවයි වාර්තාවල සඳහන් වන්නේ.
මෙම ප්‍රහාර සිදුවූ ස්ථානයට නුදුරින් වූ විවෘත බිම් කඩක මිලියනයක් පමණ මුස්ලිම් බැතිමතුන් උදෑසන යාඥාව ආරම්භ කිරීමට සුදානම් වෙමින් තිබියදීය බෝම්බ පිපිරීම් සිදුවී ඇත්තේ.
බංග්ලාදේශයේ තොරතුරු අමාත්‍ය හසානුල්හක් පැවසුවේ ප්‍රහරකයන්ගේ අරමුණ වී ඇත්තේ බංග්ලාදේශයේ අනාගමික රජය ඉවත්කිරීම බවයි.