බිම හෙලූ තට්ටු ගොඩනැගිල්ලට යටවී 4 ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
පසුගිය වසරේ අගෝස්තු මාසයේදීද මුම්බායි හිදී තට්ටු ගොඩනැගිල්ලක් කඩා වැටුණි
තට්ටු ගණනාවකින් යුතු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට යාමේදී අවම වශයෙන් පුද්ගලයන් හතරදෙනෙකුවත් මිය ගිය බව උතුරු ඉන්දියාවෙන් වාර්තාවෙයි.
නිල වශයෙන් අනුමැතිය ලත් කණ්ඩායමක් විසින් මෙම කඩා ඉවත් කිරීම සිදු කළද කඩා දැමීමට පෙර නිසියාකාරව එම ප්‍රදේශයෙන් පිරිස් ඉවත්කිරීමක් සිදුකර නොතිබීම අනතුරට හේතුවයි.
උත්තර ප්‍රදේශ් පළාතේ මීරුට් හි සිටින අපදා සේවා කණ්ඩායම් ගොඩනැගිලි සුන් බුන් අතර සිටින සිරවී සිටින්නන් බේරාගැනීමේ මෙහෙයුමක යෙදී සිටිති.
මේ වනවිට පුද්ගලයන් කිහිපදෙනෙකු ගේ ජීවිත බේරාගැනීමට හැකිවූ බවයි වාර්තාවල සඳහන් වන්නේ.
ගොඩනැගිල්ල කඩා වැටී අනතුරු සිදුවීමේ පුවත වාර්තා වීමත් සමග මීරුට් ප්‍රදේශයේ වැසියන් විරෝධතා පැවැත්වූ බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම කඩා ඉවත් කිරීමට හේතුවී ඇත්තේ නීතිවිරෝධී ලෙස තැනූ ගොඩනැගිලි කඩා ඉවත් කරන ලෙසට මෑතක දී දුන් අධිකරණ තීන්දුවක් හේතුවෙනි.
කෙන්යාවේ ගංවතුර: අවම වශයෙන් 14 ක් මරුට
කෙන්යාවේ නයිරෝබි නුවර අධික වර්ෂාව හේතුවෙන් කඩාවැටුණු තට්ටු ගොඩනැගිල්ලකට යටවී අවම වශයෙන් පුද්ගලයන් 7 මියගොස් ඇත.