'ඇම්නෙස්ටියෙන්' ඊජිප්තුවට චෝදනා

ඊජිප්තුව
ඡායාරූප ශීර්ෂ වැකිය,

අවුරුදු 14 ක් තරම් ලාබාල ශිෂ්‍යයන් සියගණනක්, දේශපාලන ක්‍රියාධරයන් සහ විරෝධතාකරුවන් අතුරුදහන් වී ඇත්තේ කිසිදු සටහනක් නොතබමින්

ඊජිප්තු බලධාරීන් විසින් ප්‍රතිවාදීන් සහ විරුද්ධ මතධාරීන් බලහත්කාරයෙන් අතුරුදහන් කරවන බවට 'ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය' (Amnesty International) චෝදනා කරයි.

2015 වසරේ මුල් භාගයේ සිට එලෙස බලහත්කාර අතුරුදහන් කිරීම් ඉහල ගොස් ඇති බවයි නවතම වාර්තාවක සඳහන් වන්නේ.

එම වාර්තාවට අනුව වයස අවුරුදු 14 ක් තරම් ලාබාල ශිෂ්‍යයන් සියගණනක්, දේශපාලන ක්‍රියාධරයන් සහ විරෝධතාකරුවන් අතුරුදහන් වී ඇත්තේ කිසිදු සටහනක් නොතබමින්.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජාත්‍යනතර ක්ෂම සංවිධානය පවසන්නේ අත්අඩංගුවට පත් ගුලියෝ රෙගෙනි ගේ තුවාල සහ අත්අඩංගුවේ දී මියගියවුන්ගේ තුවාල අතර සමාන තා ඇති බවයි.

දිනපතා පුද්ගලයන් තුන්දෙනෙක් හෝ හතර දෙනෙක් ආරක්ෂක හමුදා විසින් පැහැරගෙන යනු ලබන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මාස ගණනක් තිස්සේ රඳවා තබාගන්නා බවටයි චෝදනා කෙරෙන්නේ.

වාර්තාවේ සඳහන් මෙවැනි එක් සිදුවීමක් වන්නේ ඉතාලි ජාතික ගුලියෝ රෙගෙනි අත්අඩංගුවට ගැනීමයි.

වයස 28 ක් වන, කේම්බ්‍රිජ් සරසවියෙන් ආචාර්ය උපාධියක් (PhD) හිමිකරගත්තෙකු වූ, ඔහු පසුගිය පෙබරවාරි මාසයේ කයිරෝ නුවර අසල මහමග දී දී මරා දමා තිබුනේ දරුණු වැඩ හිංසා වලට ලක් කිරීමෙන් අනතුරුවයි.

මේ අතුරුදහන්වීම් පිලිබඳව එරට අධිකරණ බලධාරීන් පවා මෙම වාර්තාව මගින් චෝදනාවට ලක්කර තිබේ.