වඩා යහපත් බ්‍රිතාන්‍යයක් ගොඩනගනවා - නව අගමැතිනිය

වසර හයක් බ්‍රිතාන්‍යයේ පාලන බලය හෙබැවූ ඩේවිඩ් කැමරන් පදවියෙන් ඉවත්ව යාමත් සමඟම තෙරේසා මේ බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබෙත් රැජින මුණගැසී නව අගමැතිනිය ලෙස වැඩ භාරගත්තාය.

ඉන් අනතුරුව අගමැති නිල නිවසට පැමිණි ඇය ජාතිය අමතා කෙටි දේශනයක් පැවැත්විය. තෙරේසා මේ බදාදා රාත්‍රියේ සිය නව ඇමති මණ්ඩලයෙන් කොටසක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිතයි.

බ්‍රිතාන්‍යයේ දෙවැනි අගමැතිවරිය වැඩ භාර ගැනීම පිළිබඳව බදාදා දිනය පුරා ඔබ වෙත සජීවී ලෙසින් ඉදිරිපත් කළ වාර්තා මෙතෙකින් අවසන්. (මේ පිටුව තවදුරටත් යාවත්කාලීන නොකෙරේ.)

බීබීසී නිවුස් වෙබ් අඩවිය ඉංග්‍රීසියෙන් දිගටම ඉදිරිපත් කරන වාර්තා සඳහා පිවිසෙන්න.

පස්වරු 18:07 - බ්‍රිතාන්‍යයේ අගමැතිනිය ලෙසින් 'බලවතුන්, ධනවතුන් හෝ වරප්‍රසාදලාභීන් වෙනුවෙන් නොව' වැඩකරන ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාකරන බවට ඩවුනින් වීදියේ අංක 10 දරන ස්ථානයේ අගමැති නිල නිවස ඉදිරිපසදී තෙරේසා මේ ප්‍රතිඥා දෙයි.

පස්වරු 18: 03 නව අගමැතිනි තෙරේසා මේ ඩවුනින් වීදියේ නිල නිවස අභියසදී ජාතිය අමතයි.

පස්වරු 17.34

බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙස පත්වන තෙරේසා මේ මීට සුළු මොහොතකට පෙර බකිංහම් මාලිගයේ දී එලිසබෙත් රැජින හමුවීමට පැමිණියාය.

බ්‍රිතාන්‍යයේ අගමැති ලෙස වසර 6 ක් සේවය කළ ඩේවිඩ් කැමරන් තම නිල නිවස වූ ඩවුනින් වීදියේ නොම්මර 10 නිවසින් පිටත්ව ගියේය.

පිටත්වීමට පෙර නිල නිවස ඉදිරිපිට දී විශේෂ ප්‍රකාශයක් කළ ඔහු පසුව පවුලේ සාමාජිකයන් ද සමග පිටත්විය.

පස්වරු 01:20

Image caption පාර්ලිමේන්තුවෙන් පිටත්වී නිල නිවස වෙත ප්ටත්වී ගිය අයුරු

අගමැති ලෙස සහභාගී වූ අවසන් පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු තම නිල නිවස වෙත යන ඩේවිඩ් කැමරන් බකිංහැම් මාලිගය වෙත යාමට සුදානම් වෙයි

මෙම සජීවී අන්තර්ජාල පිටුව බ්‍රිතාන්‍යයේ අගමැති පදවිය හුවමාරු වීම වාර්තා කිරීම සඳහා නිරතුරුව යාවත්කාලීන කෙරෙන බව සලකන්න. මෙහි සටහන් වන්නේ බ්‍රිතාන්‍ය වෙලාවයි.

දහවල් 12.08

රුසියානු ජනාධිපති පුතින්ට තෙරේසා කැමරන් වඩා දරුණු ප්‍රතිවාදියෙකු විය හැකි බව රුසියානු දේශපාලනඥයෝ පවසති.

නව බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස පත්වන තෙරේසා මේ කැමරන්ට වඩා අයහපත් ආකාරයෙන් රුසියානු ජනාධිපතිවරයා සමග කටයුතු කරනු ඇති බව රුසියාවේ විරුද්ධපක්ෂ දේශපානඥයෙකු වන ව්ලැදිමීර් මිලොව් පවසයි.

රුසියානු රහස් ඔත්තුකරුවෙකු වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනේන්කෝ ගේ මරණයෙන් පසු තෙරේසා පුතින් ජනපති පිලිබඳ පළ කළ අදහස් පිළිබඳව සිහි ගන්වමිනුයි ඔහු එසේ පැවසුවේ.

විරුද්ධ පක්ෂ මාධ්‍යවේදිනියක් වන සශා සොට්නික් ට්විටර් පණිවුඩයක සඳහන් කර ඇත්තේ තමන් තෙරේසා ගේ සහ මාගරට් තැචර් ගේ සමාන තවක් දකින බවයි.

මෙම සජීවී අන්තර්ජාල පිටුව බ්‍රිතාන්‍යයේ අගමැති පදවිය හුවමාරු වීම වාර්තා කිරීම සඳහා නිරතුරුව යාවත්කාලීන කෙරෙන බව සලකන්න. මෙහි සටහන් වන්නේ බ්‍රිතාන්‍ය වෙලාවයි.

දහවල් 11.41

අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අංක 10 ඩවුනින් වීදියේ නිල නිවසේ යතුරු කැරැල්ල නව අගමැතියට භාර දීමට නියමිතව තිබේ.

(මෙය සංකේතාත්මකව සිදුකෙරෙන්නක් මිස එවැනි යතුරු කැරැල්ලක් නැති බවයි පැවසෙන්නේ)

මේ වන විට අගමැතිවරයා සිටින්නේ පාර්ලිමේන්තුවේය.

බකින්ග්හැම් මාලිගයට යාමට පෙර ඔහු විසින් විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවට යි සැලකෙන්නේ.

තෙරේසා මේ ය ඔහු සමග මාලිගයට යන අතර සාම්ප්‍රදායික 'දෑත් සිපගැනීමේ' චාරිත්‍රයෙන් පසු රාජ්‍ය නායකත්වය හමුවේ නව අගමැතිවරිය හඳුනවා දීම සිදුකෙරෙනු ඇත.

නව අගමැතිවරියගේ පළමු කතාව නිල නිවස ඉදිරිපිට පවත්වනු ලබන්නේ ඉන් පසුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර