බිහිසුණු නීස් ප්‍රහාරය ඡායාරූපයෙන්

'බැස්ටයිල් දිනය' සැමරීම පිණිස පැවති ගිනි කෙළි සංදර්ශනය අවසන් වනවාත් සමගම අසූ හතර දෙනෙකු ඝාතනය කරමින් රැස්වී සිටි පිරිස යට කරමින් ධාවනය වූ ට්‍රක් රථයක් ප්‍රංශයේ 'නීස්' නගරය වෙත ගෙනා බිහිසුණු අත්දැකීම මේ අයුරින් ඡායාරූපයට නගා තිබුණි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

දකුණු ප්‍රංශයේ නීස් නගරයේ 'බැස්ටයිල් දිනය' සැමරීම පිණිස පැවති ගිනි කෙළි සංදර්ශනය නැරඹීමට පැමිණි පිරිස ට්‍රක් රථ ප්‍රහාරයට ගොදුරු වූ අතර ඉන් සමහරක් කුඩා දරුවන් වන බවයි වාර්තා වන්නේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

රියදුරු අසුනේ සිටි පුද්ගලයා පොලීසිය විසින් වෙඩි තබා මරා දැමුණු අතර ඉන් අනතුරුව ට්‍රක් රථය තුළ තිබී ගිනි අවි සහ අත් බෝම්බ ආදිය හමුවූ බවයි බලධාරීන් පවසන්නේ. පොලිස් වෙඩි පහරින් ට්‍රක් රථයේ ඉදිරි පස වීදුරුව විශාල වශයෙන් සිදුරු වී ඇති අයුරු දැක ගත හැකි විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රංශ නිදහස් දිනය 'බැස්ටයිල් දිනය' සැමරීමට 'නීස්' නගරයේ විශාල ගිනිකෙළි සංදර්ශනයක් සංවිධානය කර තිබුණු අයුරු.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගිනි කෙළි සංදර්ශනය අවසන් වනවාත් සමගම රැස්ව සිටි පිරිස වෙත කඩා වැදුණු අධික බරකින් යුතු ට්‍රක් රථයක් මුහුදු සීමාව අසළින් කිලෝමීටර 2 ක් පමණ දුරක් දෙපසට හරවමින් මිනිසුන් යටකරමින් ධාවනය විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

'නීස්' ප්‍රහාරය සැල වූ වහාම හදිසි සහන සේවා සහ ගිලන්රථ එම ස්ථානයට පැමිණි අතර ඉතා දරුණු ලෙස තුවාල ලබා සිටි පිරිස් රෝහල් වෙත ගෙන යාමට ආරක්ෂක අංශ උත්සුක වූහ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රංශ වැසියන්ට සිය නිවෙස් තුළට වී ආරක්ෂා සහිතව සිටින ලෙස ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුත් ප්‍රහාරය සිදු වූ වීදිය අසල සිය ඥාතීන්ට අත්වූ ඉරණමෙන් දැඩි කම්පනයට පත් පිරිස් කණ්ඩායම් වශයෙන් වීදියේ හිඳ සිටිනු දැක ගත හැකි විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රංශය කඳුළු සළන බව ජනාධිපති ප්‍රන්ෂුවා ඔලෝන්ද් ජාතිය අමතමින් කළ කතාව ප්‍රංශ රූපවාහිනිය ඔස්සේ විකාශය විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ත්‍රස්ත මර්ධන මෙහෙයුමක් දියත් කර ඇති 'නීස්' නගරයේ ආරක්ෂාව තර කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රහාරයෙන් සුළු වෙලාවකට පසු ජනමාධ්‍ය අමතමින් රාජ්‍ය සතු තොරතුරු ප්‍රකාශයට පත් කළ අවස්ථාව.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශය විසින් දැනටමත් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඉදිරි දින කිහිපයේදී නීස් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ 'ජෑස් සංගීත' සැණකෙළිය අවලංගු කිරීමට රජය නියෝග කර තිබේ.