ඒ බිහිසුණු ප්‍රහාරය සිදු වූ මොහොත...
ඒ බිහිසුණු ප්‍රහාරය සිදු වූ මොහොත...
බ්‍රහස්පතින්දා රාතියේ ප්‍රංශයේ 'නීස්'(Nice) නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අවම වශයෙන් මේ වන විට 84 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නීස් ප්‍රහාරයට ගොදුරු වූ තවත් 202 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර පනස් දෙදෙනෙක් 'ජීවිතය සහ මරණය අතර සටනක' යෙදී සිටින බව ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් පවසයි.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ටියුනීසියානු සම්භවයක් සහිත ප්‍රංශ ජාතිකයකු වන, තිස් එක් හැවිරිදි තිදරු පියකු බව ජනමාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය සිදුවූ ආකාරය ඇතුළත් කෙටි වීඩියෝවකි මේ.
ඡායාරූප ගැලරිය , බිහිසුණු නීස් ප්‍රහාරය ඡායාරූපයෙන්
'බැස්ටයිල් දිනය' සැමරීම පිණිස පැවති ගිනි කෙළි සංදර්ශනය අවසන් වනවාත් සමගම අසූ හතර දෙනෙකු ඝාතනය කරමින් රැස්වී සිටි පිරිස යට කරමින් ධාවනය වූ ට්‍රක් රථයක් ප්‍රංශයේ 'නීස්' නගරය වෙත ගෙනා බිහිසුණු අත්දැකීම මේ අයුරින් ඡායාරූපයට නගා තිබුණි.