'තුර්කි හමුදා කුමන්ත්‍රණය රාජද්‍රෝහී ක්‍රියාවක්'

තුර්කි හමුදා කුමන්ත්‍රණය: 'ආණ්ඩුව පෙරලන්න ගත් උත්සාහය රාජ්‍යද්‍රෝහී ක්‍රියාවක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊයේ රාත්‍රියේ තුර්කියේ පාලන බලය අල්ලා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරුණු හමුදා කුමන්ත්‍රණ මෙහෙයුම් මේ වන විට වලක්වා දමා ඇති බව වාර්තා වෙයි.

තුර්කියේ ජේෂ්ඨ බලධාරියෙකු බීබීසියට කියා සිටියේ රාත්‍රිය පුරා අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නුවර වෙඩි තැබීම් සහ පිපිරවීම් සිදු කළ සන්නද්ධ හමුදා කණ්ඩායම් සාමාජිකයන් 1563කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පොලිස් රැඳවුම් භාරයට ගෙන ඇති බවයි.

කැරලිකාර හමුදා බටයන් එකසිය හතර දෙනෙකු රජයේ ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නගරයට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් සහ ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයන් අනූ දෙනෙකු ඝාතනය වී ඇති අතර දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

තුර්කි ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් හමුදා කුමන්ත්‍රණයට දැඩි ලෙස විරෝධය දක්වමින් ජාතිය අමතා කළ කතාව තුර්කි රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය විය.

තුර්කි හමුදා කුමන්ත්‍රණය: 'ආණ්ඩුව පෙරලන්න ගත් උත්සාහය රාජ්‍යද්‍රෝහී ක්‍රියාවක්'

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ආණ්ඩුව පෙරලා දැමීමට ගත් මේ උත්සාහය රාජද්‍රෝහී ක්‍රියාවක් වන අතර එමගින් පැහැදිළි වන්නේ තුර්කි හමුදාවෙන් ඉවත් කළ යුතු කොටසක් සිටින බව යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ වන විට තුර්කි හමුදාවේ කර්නල්වරු විසි නම දෙනෙකු සහ ජෙනරාල්වරු පස් දෙනෙකු ඔවුන්ගේ ධුර වලින් ඉවත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉස්තාන්බුල් අගනුවර 'බොස්ෆරස් ස්ට්‍රෛට්' පාලම පසු කිරීමට උත්සාහ කළ හමුදා කණ්ඩායම් දෑත් ඔසවා ගෙන යුද ටැංකි වලින් ඉවතට ඇවිද යමින් බලධාරීන් වෙත භාර වන අයුරු තුර්කි රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය

තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ප්‍රතිස්ථාපනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නිදහස වෙනුවෙන් ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය දියත් කළ බවයි එරට පාලන බලය අල්ලා ගැනීමට මෙහෙයුම් දියත් කළ කැරලිකාර හමුදා කණ්ඩායම් ප්‍රකාශ කළේ.

ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ 'රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආණ්ඩුව විසින් උල්ලංඝනය කරනු ලැබෙමින් පවතින අතර නව ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීමට කටයුතු කරන' බවයි.

ඉස්තාන්බුල් අගනුවර 'බොස්ෆරස් ස්ට්‍රෛට්' පාලම පසු කිරීමට උත්සාහ කළ හමුදා කණ්ඩායම් දෑත් ඔසවා ගෙන යුද ටැංකි වලින් ඉවතට ඇවිද යමින් බලධාරීන් වෙත භාර වන අයුරු තුර්කි රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉස්තාන්බුල් අගනුවර 'බොස්ෆරස් ස්ට්‍රෛට්' පාලම පසු කිරීමට උත්සාහ කළ හමුදා කණ්ඩායම් දෑත් ඔසවා ගෙන යුද ටැංකි වලින් ඉවතට ඇවිද යමින් බලධාරීන් වෙත භාර වන අයුරු තුර්කි රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

ඊයේ (15) රාත්‍රියේ කුමන්ත්‍රනය දියත් කෙරෙන අවස්ථාවේ තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිටි ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් සිය ජංගම දුරකථනය මගින් රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ අතර ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ වීදි බැස ආණ්ඩුවට එරෙහි කැරැල්ල පරාජය කරන ලෙසයි.

ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේම ඉස්තාන්බුල් නුවර බලා ගුවනින් ගමන් ගත් අතර අනතුරුව ඔහු සිටි නිවාඩු නිකේතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවක්ද වාර්තා වෙයි.