ලෝක නායකයෝ තුර්කි කුමන්ත්‍රණ ප්‍රයත්නය හෙළා දකිති

Image caption කුමන්ත්‍රණ ප්‍රයත්නයෙන් අනතුරුව

තුර්කියේ පවතින ගැටුම්කාරී තත්වය තුවක්කු මගින් විසඳිය නොහැකි බව යුරෝපා කවුන්සලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක්(Donald Tusk) පවසයි.

තුර්කියේ මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවට යුරෝපා හවුලේ සහයෝගය ලැබෙන බවයි ඔහු කියා සිටින්නේ.

ඉන් පෙර තුර්කි විදේශ ඇමතිවරයාට කතා කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වොෂින්ටන් පාලනය තුර්කි ආණ්ඩුවට පළ කරන සහයෝගය අවධාරණය කර තිබුණි.

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රකාශකයකු විසින් ද ඊට සමාන අදහස් දක්වා ඇත.

ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් තුර්කියේ සිදුවීම් පිළිබඳව රුසියාව කනස්සල්ලට පත් වෙන අතර සිය අවශ්‍යතාව එරට ස්ථාවර සහ නීතිය සහ සාමය සහිත පාලනයක් කරා යළි අවතීර්ණ වීම වන බවයි කියා සිටියේ.

කලක් තුර්කියේ පසමිතුරු රටක් වූ කටාර් ගල්ෆ් රාජ්‍යය විසින් ද කුමන්ත්‍රණ ප්‍රයත්නය හෙළා දකිනු ලැබ ඇත.

සංසුන්ව කටයුතු කරන මෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් ඉල්ලීමක් කරයි.