කුමන්ත්‍රණය පරාජය කළා - තුර්කි හමුදාපති

අසාර්ථක කුමන්ත්‍රණයෙන් පසු
තුර්කියේ ආණ්ඩුව පෙරැළීමේ කුමන්ත්‍රණ ප්‍රයත්නය ව්‍යවර්ථ කරන ලද බව වැඩ බලන තුර්කි යුද හමුදාපති ජනරාල් උමිත් ඩන්දාර් (Umit Dundar කියා සිටියි.
රූපවාහිනිය ඔස්සේ කතා කළ වැඩ බලන හමුදා ප්‍රධානියා කුමන්ත්‍රණ කරුවන් 104 දෙනකු මරා දමන ලද බවත් පවසයි.
ඊට අමතරව තවත් අනූ දෙනකු මරා දමා ඇති බවත් ඔවුන් රට වෙනුවෙන් දිවි පුදා ඇති බවත් ජනරාල් උමිත් ඩන්දාර් (Umit Dundar) සිය රූපවාහිනී කතාවේ දී සඳහන් කළේය.
කැරලිකාර සොල්දාදුවන් කණ්ඩායමක් යුද්ධ ටැංකි සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ආණ්ඩුව අල්ලා ගැනීමේ ප්‍රහාරය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව බෝම්බ සහ වෙඩි තැබීම් සිදු වූ අතර අන්කාරා සහ ඉස්තාන්බුල් නගරවල යුද පිටියක තත්වයකුයි දක්නට ලැබුණේ.

කුමන්ත්‍රණකරුවන්ට දඬුවම්
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගන්නා මෙන් තුර්කි ජනාධිපතිවරයා ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව මහජනතාව විශාල වශයෙන් වීදි බැස සිටි බවත් වාර්තා වෙයි.