තුන්දහසකට ආසන්න තුර්කි භටයන් අත්අඩංගුවේ

Soldiers involved in the coup surrender on the bridge over the Bosphorus in Istanbul (16 July) Image copyright Getty Images

හමුදා කුමන්ත්‍රණ උත්සාහයත් සමග ඉහළ නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයන් දෙදහස් අටසිය තිස් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව තුර්කි අගමැති බිනාලි යිල්දිරීම් පවසයි.

අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සිකුරාදා රාත්‍රියේ දියත් කෙරුණු හමුදා කුමන්ත්‍රණ උත්සාහය මේ වන විට අවසන් වී ඇති බවයි.

පැවති ගැටුම් හේතුවෙන් එකසිය හැට එක් දෙනකු මරුමුවට පත් වී එක්දහස් හාරසීයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට රටපුරා අධිකරණ විනිසුරුවරුන් දෙදහස් හත්සීයකට වැඩි පිරිසක් සේවයෙන් පහ කොට තිබේ.

හමුදා කුමන්ත්‍රණය පිටුපස කවුරුන් සිටින්නේ දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත.

කෙසේ වෙතත් මේ වන විට රටෙන් පිටවී ඇමරිකාවේ වෙසෙන තුර්කි ආගමික පූජකයකු වන ෆෙතුල්ලා ගුලාන් විසින් හමුදා කුමන්ත්‍රණය මෙහෙයවනු ලැබ ඇති බවට තුර්කි ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් චෝදනා කරයි.

'බෙදුණු සමාජයක්'

Image copyright Reuters

ආගමික පූජක ෆෙතුල්ලා ගුලාන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කැරලිකාර හමුදා කණ්ඩායමේ කුමන්ත්‍රණ ප්‍රයත්නය තමන් දැඩි ලෙස හෙලා දකින බවයි.

රට පරිවර්තනයකට ලක් කිරීම සඳහා වන ජනාධිපති එර්දගාන්ගේ සැලසුම් සම්බන්ධයෙන් තුර්කියේ දරුණු බෙදීමක් පැවතීම හමුදා කුමන්ත්‍රණයට හේතු වී ඇති බවයි බීබීසීයේ මැදපෙරදිග සංස්කාරක ජෙරමි බෝවන් කියා සිටියේ.

සිරියාවේ පවතින යුද්ධය හේතුවෙන් තුර්කියට මුහුණ පෑමට සිදු වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ද ඊට බලපා ඇති බව ඔහු පවසයි.

ජනාධිපති එර්දොගාන් සහ ඔහුගේ .කේ පක්ෂය මැතිවරණ ජයග්‍රහණය කරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු සතු දීර්ඝ කීලීන කැපවීම පිළිබඳ විවේචන එල්ල වන බවයි බීබීසීයේ මැදපෙරදිග සංස්කාරකවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා නූතන තුර්කියේ අනාගමික උරුමය ප්‍රතික්ෂේප කරන දේශපාලන ඉස්ලාම්වාදියකු හැටියටයි බීබීසීයේ මැදපෙරදිග සංස්කාරක ජෙරමි බෝවන් විග්‍රහ කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර