තුර්කි හමුදා කුමන්ත්‍රණය ගැන ඇමරිකාවේ පුජකයෙකුට චෝදනා

අත්අඩංගුවට පත් වී ඇති පිරිස් ඇමරිකාව පදනම් කොටගෙන සිටින තුර්කි ජාතික පුජකවරයෙකු වන ෆෙතුල්ලා ගුලෙන් ගේ අනුගාමිකයන් බවටයි සැලකෙන්නේ.
සිකුරාදා සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සහය පළ කළ හමුදා සාමාජිකයන් සෙවීම පිණිස තුර්කි බලධාරීහු රට පුරා ඇති සියලුම ආරක්ෂක හමුදා කඳවුරු හදිසි පරීක්ෂාවකට ලක් කළහ.
බටහිර පළාතේ නගරයක් වන ඩෙනිස්ලි හි දී ඉරිදා උදෑසන කළ මෙහෙයුමකින් හමුදා කඳවුරු අණදෙන නිලධාරීවරයෙකු සහ සොල්දාදුවන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් අත් අඩංගුවට ගැනිණි.
මේ වනවිට දහස් ගණනක් හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති අතර තුන්දහසකට ආසන්න විනිසුරුවරුන් පිරිසක් සේවයෙන් පහ කොට තිබේ.
තුර්කි ජනාධිපති එර්දෝගන් පැවසුවේ වැරදිකරුවන්ට මරණීය දණ්ඩණය දීම පිළිබඳව පාර්ලිමේන්තුව සලකා බලනු ඇති බවයි.
අත්අඩංගුවට පත් වී ඇති පිරිස් ඇමරිකාව පදනම් කොටගෙන සිටින තුර්කි ජාතික පුජකවරයෙකු වන ෆෙතුල්ලා ගුලෙන් ගේ අනුගාමිකයන් බවටයි සැලකෙන්නේ.
තුර්කි රජය මෙම හමුදා කුමන්ත්‍රණය පිළිබඳව චෝදනා කරන්නේ ඔහුටයි.
එහෙත් ෆෙතුල්ලා එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරයි.
මේ අතර කුමන්ත්‍රණකරුවන් පිළිබඳව පරීක්ෂණ කිරීමේ දී නීතියට අනුව කටයුතු කරන්නැයි ඇමරිකාව තුර්කි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.