නයිජීරියාවේ දරුවන් හාමතේ - එක්සත් ජාතීන්

Boy suffering severe malnutrition at one of the Unicef nutrition clinics in Muna on outskirts of Maiduguri, capital of Borno State, north-eastern Nigeria. 30 June 2016

ඡායාරූප මූලාශ්‍රය, AFP

බොකෝ හරාම් පාලනය යටතේ පැවති නයිජීරියාවේ බෝනෝ ප්‍රාන්තයේ දරුවන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් දරුණු ලෙස මන්දපෝෂණයට ගොදුරු වී ඇති බව යුනිසෙෆ් ආයතනය පවසයි.

ඉක්මන් ප්‍රතිකාර ලබා නොදුන්නොත් ළමුන් දස දහස් ගණනක් මිය යනු ඇති බවට යුනිසෙෆ් සංවිධානය අනතුරු හඟවා සිටියි.

පසුගිය මාසයේදී පුණ්‍යායතනයක් කියා සිටියේ බොකෝ හරාම් පාලනයෙන් මිදී පළා එමින් සිටි වැසියන් කුස ගින්න හේතුවෙන් මරුමුවට පත් වී ඇති බවයි.

වසර හතක් පුරා පවතින ඉස්ලාමීය බොකෝ හරාම් කණ්ඩායමේ කැරලි හේතුවෙන් මරුමුවට පත් පිරිස විසි දහසකට ආසන්නයි.

ඡායාරූප මූලාශ්‍රය, Screengrab

ඡායාරූප ශීර්ෂ වැකිය,

බොකෝ හරාම් කැරලිකරුවන්

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන් හිටි තැන් අහිමි වූ පිරිස ලක්ෂ විස්සකට අධිකයි.

බොකෝ හරාම් කැරලිකරුවන්ට එරෙහිව නයිජීරියාවේ හමුදා මහ පරිමාණ මෙහෙයුම් දියත් කොට තිබේ.