මෙලනියා ට්‍රම්ප් සහ මිෂෙල් ඔබාමා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අංගන සොරකමක්' ගැන මෙලනියා ට්‍රම්ප්ට චෝදනා

ඇමෙරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂත්වයට නම් කෙරී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බිරිඳ, මෙලනියා, පක්ෂ සම්මේලනයේ පළමු දිනයේම සමුළුව ඇමතුවාය.

එහෙත් ඇගේ දේශනයේ කොටසක් සම්පූර්ණයෙන්ම ජනපති බිරිඳ මිෂෙල් ඔබාමා ව්‍යාජ ලෙසින් අනුකරණය කිරීමක් බවට චෝදනා එල්ල වී තිබේ.

2008 දී මිෂෙල් ඔබාමා ඩිමොක්‍රටික් පක්ෂ සමුළුව අමතා පැවැත්වූ දේශනය සහ මෙලනියා ට්‍රම්ප් ගේ දේශනය අතර බොහෝ සමානකම් තිබෙන බවයි, විචාරකයන් පවසන්නේ. එබැවින් එය 'අංගන සොරකමක්' ලෙසිනුයි ඔවුන් විග්‍රහ කරන්නේ.

"රට වෙනුවෙන් සටන් කරන, කාරුණික" පුද්ගලයකු ලෙසින් මෙලනියා ට්‍රම්ප් සිය සැමියා හඳුන්වා දුන්නාය.

එය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මෙලනියා කළ පළමු දේශනය වන අතර, දේශනය සකස් කිරීම පිණිස ඇය දේශනා රචක කණ්ඩායමක සහාය ලබාගෙන තිබේ.