ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති අපේක්‍ෂකත්වය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ 'ප්‍රහාරය' ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී ඩිමොක්ක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙත යොමු කළ යුතු බවටයි තීරණය වූයේ
නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ධවල මන්දිරය නැවතත් තම පක්ෂයට දිනාගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ක්ලීව්ලන්ඩ් හි දී පැවති රිපබ්ලිකන් පක්ෂ සමුළුවේ දෙවැනි දිනයේ දී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සුපුරුදු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පවුලේ සාමාජිකයන්ගෙන් විශාල සහයෝගයක් ඔහුට ලැබුණි
පක්ෂ සමුළුව ආරම්භයේ දී තරමක මතභේදාත්මක ස්වරූපයක් පැවතුනද දෙවන දිනයේ දී පක්ෂයේ කතානායක පෝල් රයන් විශේෂ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ට්‍රම්ප් වටා එකතුවන ලෙසටයි.
සියලු රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ 'ප්‍රහාරය' ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී ඩිමොක්ක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙත යොමු කළ යුතු බවටයි තීරණය වූයේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රැස්ව සිටි පිරිස හඬ නගා ඉල්ලා සිටියේ හිලරි ක්ලින්ටන් සිරගත කරන ලෙසටයි
මෙහිදී ද සුපුරුදු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පවුලේ සාමාජිකයන්ගෙන් විශාල සහයෝගයක් ඔහුට ලැබුණු අතර තම පියා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගෙන ඇති බව නිවේදනය කළේ වැඩිමහල් පුතු ඩොනල්ඩ් (කනිෂ්ඨ) විසිනි.