බෙලරුසියානු මාධ්‍යවේදී පවෙල් පිපිරීමකින් මරුට

Image caption ඔහු පදවමින් සිටි මෝටර් රථය පුපුරා යාමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තාවන්නේ

බෙලරුසියාවේ නමගිය මාධ්‍යවේදියෙකු වන පවෙල් ෂර්මෙට් යුක්රේනයේ අගනුවර වන කියෙව් හිදී මරණයට පත්විය.

ඔහු පදවමින් සිටි මෝටර් රථය පුපුරා යාමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තාවන්නේ.

ෂර්මෙට් ගේ නම ලෝක අවධානයට ලක්වූයේ බෙලරුසියාවේ දේශපාලන මර්ධනයට එරෙහිව වාර්තාකිරීම හේතුවෙන් 1997 දී ඔහු සිරභාරයට පත්වීමෙන් අනතුරුවයි.

නිදහස් වීමෙන් පසු රුසියානු රූපවාහිනියට සම්බන්ධ වූ ඔහු පසුව එයින් ඉවත්වූයේ යුක්රේනය සම්බන්ධ පුවත්වල දී ක්‍රෙම්ලින් පාලනයෙන් එල්ලවන පීඩනය හේතුවෙනි.

යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරොශේන්කෝ පැවසුවේ තමා පෞද්ගලිකවම දැන හඳුනාගෙන සිටි ෂර්මෙට් ගේ මරණය දරාගත නොහැකි ඛේදවාචකයක් වන අතර මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ අංශ වෙත නියෝග කොට ඇති බවයි.

බීබීසී යෙන්