ඛලිදා සියා ගේ පුතුට මුදල් විශුද්ධිකරණයට දඬුවම්

Tarique Rahman
ඡායාරූප ශීර්ෂ වැකිය,

තම මවගේ රජයේ සිටි කාලයේ සිටම ඔහුට දූෂණ චෝදනා එල්ලවී තිබුණි

බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වැරදිකරු වූ එරට ප්‍රධාන විපක්ෂ නායිකාවගේ වැඩිමහල් පුතුට වසර හතක සිර දඬුවමක් නියම කළේය.

තාරික් රහ්මාන් තම මව වන ඛලිදා සියා ගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු වන අතර 2008 දී රටින් පිටවී ලන්ඩනයේ පදිංචි වී සිටියේය.

අධිකරණය ඔහුට ඩොලර් මිළියන 2.5 ක දඩයක් ද නියම කළේය.

ඔහු තම මවගේ රජයේ සිටි කාලයේ සිටම ඔහුට දූෂණ චෝදනා එල්ලවී තිබුණි.