තාලිබාන්වරු IS ප්‍රහාරය හෙළා දකිති

Afghans help an injured man at a hospital after an explosion struck a protest march, in Kabul, Afghanistan, Saturday, 23 July 2016.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවති විරෝධතා පෙළපාලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය පවසයි.

ප්‍රහාරයට ගොදුරු වී හැටහතර දෙනකු මරුමුවට පත් වී ඇති අතර දෙසිය හැට පස් දෙනකු තුවාල ලබා තිබේ.

නව විදුලි රැහැන් පද්ධතියක් මුල් කර ගනිමින් ෂීයා මුස්ලිම් ජන කොට්ඨාශයට අයත් හසාරා ප්‍රජාව විසින් පෙළපාලිය සංවිධානය කොට තිබිණි.

හසාරා ජන ප්‍රජාව වැඩි වශයෙන් වෙසෙන පළාත් ''මගහැර'' විදුලි රැහැන් පද්ධතිය ඉදිවන බවට ඔවුහු චෝදනා කරති.

තාලිබාන් සංවිධානය විසින් ප්‍රහාරය හෙලා දැක තිබේ.

ඉස්ලාම් රාජ්‍යය සංවිධානය නැගෙනහිර ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාර සිදු කොට ඇති නමුත් මීට ඉහතදී කාබුල් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලට තමා සම්බන්ධ බව ප්‍රකාශ කොට නොතිබුණි.