රියෝ 2016: ඔලිම්පික් ගිනි සිළුව උදුරා ගැනීමේ තැතක්
රියෝ 2016: ඔලිම්පික් ගිනි සිළුව උදුරා ගැනීමේ තැතක්
2016 රියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භය සටහන් කිරීමට රියෝ ද ජෙනීරෝ වෙත ගෙන යමින් සිටි ඔලිම්පික් ගිනි සිළුව උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වෙයි.
සාඕ පෝලෝ නුවර පසු කරමින් රථ පෙරහැරක් ඉදිරියෙන් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිව ගිය ක්රීඩිකාව අතින් එය උදුරා ගැනීමට තැත් කළේ මාර්ගය දෙපස රැස්වී සිටි පිරිස අතරින් දිව ආ පුද්ගලයෙකු විසිනි.
ඔලිම්පික් සිළුව රැගෙන යන ක්රීඩිකාවගේ ආරක්ෂාවට ඇය දෙපසින් දිව ගිය පොලිස් නිලධාරීන් මාර්ගයට කඩා වැදුණු පුද්ගලයා ඇය වෙත ලඟා වීමට පෙර නැවත්වීමට සමත් වූ අතර පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.
බ්රසීලයේ ප්රධාන නගර හරහා රට පුරා ගෙන යන ඔලිම්පික් ගිනි සිළුව එළඹෙන අගෝස්තු හතර වෙනිදාට ඔලිම්පික් සමාරම්භක උළෙල පැවැත්වෙන රියෝ ද ජෙනීරෝ වෙත ගෙන ඒමට නියමිතව තිබේ.