ජපානයේ අබාධිතයන් 19 ක් මරා දැමෙයි
ඝාතනය සිදුවූ ස්ථානයේ ගුවන් දර්ශන
ජපානයේ තෝකියෝ නගරයේ අබාධිතයන් සඳහා වූ නිවාසයක සිටි නේවාසිකයන් 19 දෙනෙකු මරා දමනු ලැබ තිබේ.
බටහිර තෝකියෝවේ සගමිහරා නගරයේ පිහිටි එම අබාධිතයන සඳහා වූ නිවාසයේ මීට ඉහත සේවය කර ඇති වයස 26 ක් වන සාත්තු සේවකයෙකු විසින් පිහියෙන් ඇනීමෙන් හා කැපුම් තුවාල සිදුකිරීමෙන් මෙම ඝාතන සිදුකර ඇත.
තවත් පුද්ගලයන් 20 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා පොලීසියට පැමිණ පාපෝච්චාරණය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන අයුරු
පසුගිය පෙබරවාරි මාසයේ දී ඔහු විසින් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයා වෙත ලිපියක් යවමින් තර්ජනය කර තිබී ඇත්තේ අබාධිත පුද්ගලයන් මරා දමන බවටයි.
එම සිදුවීමෙන් පසු ඔහු රෝහල් ගත කර මානසික තත්වය සඳහා ප්‍රතිකාර ලබා දී රෝහලෙන් නිදහස් කර යවා තිබූ බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අබාධිතයන් සඳහා වූ නිවාසයට නුදුරින් ඇති ඝාතකයාගේ නිවස අසල රැස්වී සිටින මාධ්‍යවේදීන්
සමූහ ඝාතන වැනි අපරාධ ජපානයේ ඉතා දුර්ලභ සිදුවීම වන අතර 2001 දී සහ 2008 දී සිදුවූ පිහියා ඇනුම් දෙකක දී පුදගලයන් හත් දෙනෙකු සහ අටදෙනෙකු මියගිය බවට වාර්තා වී තිබේ.
එසේම 1995 දී 'ඕම ශින්රින්ක්යෝ' නම ආගමික කණ්ඩායමක් විසින් තෝකියෝ වේ උමං දුම්රිය මාර්ගයක සිදුකළ ගෑස් ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මරුමුවට පත්විය.