ප්‍රංශයේ රූවන් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනියි

Image copyright APTN
Image caption මේ වන විට ප්‍රංශ ආරක්ෂක අංශ සිද්දිය වූ ස්ථානයට පැමිණ සිටියි

උතුරු ප්‍රංශයේ රූවාන් (Rouen) ප්‍රදේශයේ පල්ලියකට එල්ල කළ ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව IS ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පවසා තිබේ.

පල්ලියේ ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටි ප්‍රහාරකයන් දෙදෙනා මරා දැමුණු බවත්, ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවාගෙන සිටි පල්ලියේ පියතුමන් ඝාතනය කර ඇති බවත් පොලිසිය පවසයි.

ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් කිතුනු පල්ලියක පුද්ගලයන් හතරත් හයත් අතර සංඛ්‍යාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටියේය.

පල්ලියට පැමිණි කිතුනු බැතිමතුන් කිහිප දෙනෙකු, පියතුමන් සහ කන්‍යා සොහොයුරියන් දෙදෙනකු ප්‍රාණ ඇපකරුවන් අතර සිටි බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ.

ෆ්‍රාන්ස් 3 (France 3) රූපවාහිනී සේවය කියා සිටියේ පල්ලිය තුළ වෙඩි හුවමාරුවක ශබ්දය ඇසුණු අතර මේ වන විට ප්‍රංශ ආරක්ෂක අංශ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර