'රහස්‍යභාවය' ට එරෙහිව ඕස්ට්‍රේලියානු වෛද්‍යවරු අධිකරණයට

Image caption ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇතැම් සරණාගතයන් රඳවා තබන්නේ නාවුරු දූපතේ පිහිටි තාවකාලික රැඳවුම් කඳවුරු තුළයි

ඕස්ට්‍රේලියාවේ ඇති සරණාගතයන් සඳහා වූ රැඳවුම් කඳවුරුවල ඇතුළත තත්වය පිලිබඳ කතාකිරීමට පවතින 'රහස්‍යභාවය පිලිබඳ නීති' මගින් බාධා පමුණුවා තිබීම අභියෝගයට ලක්කරමින් ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව ආගමන කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව සමග කටයුතුකරන වෛද්‍යවරුන් සහ අනෙකුත් කොන්ත්‍රාත්කරුවන් විසින් කදවුරු තුළ සිදුවන දෑ හෙළිකරනු ලැබුව හොත් ඔවුනට වසර දෙකක සිරදඬුවම් විඳීමට සිදුවේ.

රජය පවසන්නේ සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම පිණිස එවැනි නීති අත්‍යවශ්‍ය බවයි.

එහෙත් පසුගිය වසරේ අවධානයට රැගෙන ආ ආකාරයට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති 'දේශපාලන සංවාදයට' ඇති නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසටයි සරණාගතයන් සඳහා පෙනී සිටින නීතීඥයින් විසින් මෙම නීතිය සලකනු ලබන්නේ.

මේ වසර මුල දී රැඳවුම් කඳවුරක් තුළ වධහිංසා පැමිණවීම වැනි තත්වයක් පිලිබඳ විස්තර කළ එක් වෛද්‍යවරයෙක් අගමැතිවරයාට අභියෝග කළේ හැකිනම් තමාට දඬුවම් කරන ලෙස පවසමින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්