ආරක්ෂාව ඉහළ නංවන්න - ප්රංශ ආගමික නායකයෝ

ඡායාරූප මූලාශ්රය, AFP
ඝාතනයට ලක් වූ ජැක්ස් හාමෙල් පියතුමා
ජිහාඩ්වාදීන් දෙදෙනකු විසින් දේව මෙහෙයක් පවත්වමින් සිටි වැඩිහිටි පියතුමකු ඝාතනය කරනු ලැබීමත් සමග ආගමික ස්ථාන තුළ ආරක්ෂාව ඉහළ නංවන ලෙස ප්රංශයේ ආගමික නායකයෝ ඉල්ලා සිටිති.
ප්රංශයේ ක්රිස්තියානි, මුස්ලිම්, යුදෙව් සහ බෞද්ධ යන ආගම්වලට අයත් නායකයන් එරට ජනාධිපති ප්රන්ශුවා ඔලෝන්ද් හමු වී තිබේ.
ප්රංශය සහ යුරෝපය මේ ආකාරයේ වඩාත් දරුණු තර්ජනයකට මුහුණ දී නොමැති බව ප්රංශ ජනාධිපති ඔලෝන්ද් රූපවාහිනිය ඔස්සේ පැවසීය.
කෙසේ වෙතත් ඊට සරිලන ත්රස්ත මර්දන අණ පනත් රට තුළ ක්රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
උතුරු දිග ප්රංශයේ රූවාන් (Rouen) ප්රදේශයේ දේවස්ථානයක සිටි පිරිසක් ප්රහාරකයන් විසින් ප්රාණ ඇපයට ගනු ලැබූ අතර එම පිරිස අතර සිටි පියතුමා ඝාතනයට ලක් විය.
පසුව ප්රහාරකයන් දෙදෙනා මරා දැමුණු බවයි ප්රංශ පොලිසිය කියා සිටියේ.