'හිලරි ක්ලින්ටන් අත්දැකීම් අතින් ට්‍රම්ප්ට වඩා ඉහළයි'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමරිකාවේ ජනාධිපති පදවිය සඳහා වූ සුදුසුකම් අතින් හිලරි ක්ලින්ටන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා පැහැදිලි වෙනසක් පෙන්නුම් කරන බවයි ඔබාමා පවසන්නේ
ඇමරිකාවේ ජනාධිපති ලෙස සේවය කිරීම සඳහා ඩිමොක්ක්‍රටික් පක්ෂ අපේක්ෂක හිලරි ක්ලින්ටන් සුවිශේෂී ලෙස සුදුසුකම් ලබා ඇති බව ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.
පිලඩෙල්ෆියාවේ පැවති ඩිමොක්ක්‍රටික් පක්ෂ සමුළුවට රැස්ව සිටි පිරිස අමතා ඔබාමා ජනාධිපතිවරයා පැවසුවේ නායකත්වය සඳහා අවශ්‍ය දැඩි බව, කරුණාවන්තකම සහ අත්දැකීම් අතින් හිලරි ක්ලින්ටන් ඇයගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා පැහැදිලි වෙනසක් පෙන්නුම් කරන බවයි.
අශුභවාදී අදහස් සහ බියගැන්වීම් ප්‍රතික්ෂේප කරන ලෙස ඇමරිකානුවන්ගෙන් ඉල්ලමින් ඔහු කියා සිටියේ සමස්ථ මුස්ලිම් අගමිකයන්ටම ඇමරිකාව තහනම් නොකරමින් සහ වදහිංසා වලට ඉඩ නොතබමින් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව හිලරි සටන්වදිනු ඇති බවයි.
ජිහාඩ්වාදීන් හෝ ඇමරිකාව තුළ බිහිවන වෙනෙත් දේශපාලන කණඩායමක් හෝ ඇමරිකාවේ වටිනාකම් වලට තර්ජනය කරන්නේ නම් ඔවුන් සැමවිටම අසාර්ථක වන බවද ඔහු ප්‍රකාශ කළේය.