ප්රංශ පූජක ඝාතනයේ තවත් සැකකරුවෙකු නම් කෙරෙයි

ඡායාරූප මූලාශ්රය, AFP
අබ්දෙල් මලික් පෙටිජීන් ගේ රියදුරු බලපත්රය
ප්රංශයේ නොමන්ඩි දේවස්ථානයේ පූජකවරයා ගේ ඝාතනයට හවුල් වී ඇති බවට සැකකෙරෙන අබ්දෙල් මලික් පෙටිජීන් නම් 19 හැවිරිදි තවත් පුදගලයෙකු හඳුනගත්බව ප්රංශ බලධාරීහු පවසති.
මීට පෙර හඳුනාගැනුණු අනෙක් සැකකරු වන ඇඩෙල් කර්මිච් නැමැත්තා ද 19 හැවිරිදි අයෙකි.
ෆ්රැන්සිස් ජාකෙස් හමෙල් නම් 86 හැවිරිදි පූජකවරයා ප්රාණ ඇපකරුවෙකු ලෙස ගෙන මරා දැමුණු දේවස්ථානයට පිටතදීය මෙම සැක කරුවන් දෙදෙනාම පොලීසිය විසින් වෙඩි තබා මරා දැමුණේ.
මෙම සැකකරුවන් දෙදෙනා ඉස්ලාම් රාජ්ය සංවිධානයට පක්ෂපාතී දෙදෙනෙකු බවටයි එම සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ වීඩියෝවක සඳහන් වුයේ.
ඡායාරූප මූලාශ්රය, Unknown
ප්රහාරය සිදුකරන විටත් පොලීසිය විසින් ඔහුගේ සිරුරේ පරීක්ෂා කිරීමේ 'මොනිටරයක්' සවිකර තිබූ බවයි පැවසෙන්නේ
DNA පරීක්ෂණ වලින් පසු මෙම දෙවැනි සැකකරු අබ්දෙල් මලික් පෙටිජීන් බවට හඳුනාගත් බවයි ප්රංශ බලධාරීන් වැඩි දුරටත් පැවසුවේ.
ඔහු අන්තවාදීන්ගේ නම් ලයිස්තුවේ සිටි අයෙකු වන අතර ප්රහාරයට දින කිහිපයකට පෙර සිටම පොලීසිය ඔහු සොයමින් සිටි බවයි වාර්තා වන්නේ.