ජනාධිපතිට අපහාස කළ අයට එරෙහි නඩු සියල්ල ඉවතට

President Erdogan spoke from the presidential palace on Friday
ඡායාරූප ශීර්ෂ වැකිය,

සිකුරාදා ජනාධිපති මන්දිරයේ සිට ජනතාව අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ

තමන්ට අපහාස කළ පුද්ගලයන්ට එරෙහිව ගෙනතිබූ සියළු නීතිමය ක්‍රියාමාර්ග ඉවත්කරගන්නා බව තුර්කි ජනාධිපති රෙචිප් තයියිප් අර්දොවාන් පවසයි.

පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයාට අපහාස කිරීමේ චෝදනාවට දෙදහසකට ආසන්න පිරිසකට එරෙහිව නීති මගින් ක්‍රියාකොට තිබුණි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පොලිස් විශේෂකාර්ය බලකා මුලස්ථානයේ දී ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරීන් හමුවූ අවස්තාව

මේ අතර පසුගියදා සිදුවුණු අසාර්ථක යුද හමුදා කුමන්ත්‍රණයේ දී මියගිය දෙසීයකට වැඩි පිරිසක් සිහිකිරීම පිණිස පැවති උත්සවයක දී තුර්කි ජනාධිපතිවරයා නැවත වරක් චෝදනා කළේ ඇමරිකාවට සහ යුරෝපයේ පාලනයන්ටයි.

තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා කුමන්ත්‍රණකරුවන්ගේ ඉරණම ගැන කණගාටුවන කිසිවෙක් තුර්කියේ මිතුරන් නොවන බවයි ඔහු කියා සිටියේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් සහ ජෙනරාල් ජෝශප් වොටෙල්

මීට පෙර මෙම කලාපයේ සිටින ඉහලම පෙළේ ඇමරිකානු හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් ජෝශප් වොටෙල් පවසා තිබුණේ තමන් කුමන්ත්‍රණකරුවන්ගේ පාර්ශවය ගත් අයෙක් බවට තුර්කි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය අවාසනාවන්ත සහ සම්පුර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් බවයි.