බෙල්ජියමේ ප්රහාර සැළසුමකට දෙදෙනෙක් අත්අඩංගුවේ

ඡායාරූප මූලාශ්රය, AP
සිකුරාදා බෙල්ජියම් පොලීසිය විසින් මොන්ස් පළාතේ නිවාස හතක් සහ ලී පළාතේ නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි.
බෙල්ජියමේ පොලීසිය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මාලාවකින් පසු රට තුළ ත්රස්තවාදී ප්රහාර සිදුකිරීමට සැලසුම් කළ බවට සැකකරමින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනා අත් අඩංගුවේ රඳවාගැනීමට පෙර එසේ කළ යුතුද යන්න පිලිබඳ තීන්දුවක් ගැනීම පිණිස සෙනසුරාදා අධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියට පැමිණවීමට නියමිත බවයි බලධාරීන් පවසන්නේ.
සිකුරාදා බෙල්ජියම් පොලීසිය විසින් මොන්ස් පළාතේ නිවාස හතක් සහ ලී පළාතේ නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි.
එහෙත් අත්අඩංගුවට පත් දෙදෙනා මාර්තු මාසයේ බ්රසල්ස් නුවර දී පුද්ගලයන් තිස් දෙනෙකුට වැඩි පිරිසකට මරු කැඳවමින් සිදුකළ ප්රහාරයට සම්බන්ධ බවක් නොපෙනෙන බවයි පොලීසිය විසින් නිකුත්කළ ප්රකාශයක සඳහන් වන්නේ.
බෙල්ජියමේ දී ත්රස්ත සැකකරුවන් 12 ක් අත්අඩංගුවට
බ්රසල්ස් නුවර ප්රහාරයෙන් මාස තුනකට ආසන්න කාලයකට පසු බෙල්ජියමේ සිදු කරන ලද දැවැන්ත ත්රස්ත විරෝධී පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.