ඉන්දුනීසියාවේ පන්සල් ගිනිතැබූ ප්‍රහාරකයන් අත්අඩංගුවට

Image caption බෞද්ධ සහ කොන්ෆියුසියස් දහමට සම්බන්ධ පන්සල්වලට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ

ඉන්දුනීසියාවේ පිහිටි පන්සල් හයකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුස්ලිම් පුද්ගලයන් හත් දෙනෙක් එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඉන්දුනීසියාවේ ජීවත් වන සුළුතර චීන ජාතිකයන් විසින් මෙම පන්සල් ආගමික කටයුතු සඳහා භාවිතා කර තිබේ.

සුමාත්‍රා දූපතේ ජීවත් වන චීන කාන්තාවක්, ඇගේ නිවස අසල පිහිටි මුස්ලිම් පල්ලියෙන් නැගෙන අධික ශබ්දය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව බෞද්ධ සහ කොන්ෆියුසියස් දහමට සම්බන්ධ පන්සල්වලට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාව ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටක් වන නමුත් වෙනත් ආගමික සුළු ජාතීන් විශාල පිරිසක් ද ජීවත්වන රටකි.

අතීතයේ දී ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවී තිබෙන රටක් බැවින් මෙවැනි ක්‍රියාවන් වලින් ඇතැම්විට යළි ගැටුම්කාරී තත්වයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

බීබීසී යෙන්