තුර්කියේ තවත් හමුදා සෙබළුන් කණ්ඩායමක් අත්අඩංගුවට

Turkish security forces escorting Captain Mustafa Serdar Ozay into police station (1 August 2016) Image copyright Reuters
Image caption අත්අඩංගුවට පත් හමුදා කණ්ඩායම අතර සිටි කපිතාන්වරයෙක්

අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණය අතරතුර තුර්කි ජනාධිපතිවරයා රැඳවුම් භාරයට ගැනීමේ උත්සාහයක නියැලුණු බවට සැක කෙරෙන හමුදා භටයන් පිරිසක් එරට විශේෂ බලකායක් විසින් අල්ලා ගනු ලැබ තිබේ.

ඉහත කී හමුදා සෙබළුන් අත්අඩංගුවට පත් වී ඇත්තේ මීට සති දෙකකට ඉහතදී හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ දින රාත්‍රියේ තුර්කි ජනාධිපති රෙජේප් තයියප් එර්දොවාන් සිය නිවාඩුව ගත කරමින් සිටි මාමරිස් නගරයේ පිහිටි සංචාරක නිකේතනය ආසන්නයේදී.

පළා යමින් සිටි හමුදා සෙබළුන් පිරිස නිකේතනය ආසන්නයේ පිහිටි කැලෑ බද පෙදෙසකදී අල්ලා ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වෙඩි හුවමාරුවක් සිදු වී ඇති නමුත් කිසිවකුටත් හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

තුර්කියේ ක්‍රියාත්මක කෙරුණු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක පිට හමුදාවේ, අධිකරණ ක්ෂේත්‍රයේ, සිවිල් සේවයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් දහස් ගණනක් සේවයෙන් පහ කර ඇති අතර ඇතමුන්ගේ සේවය අත්හිටුවා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර