2016 රියෝ ඔලිම්පික්: සරණාගතයන් නියෝජනය කරන යුස්රා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

2016 රියෝ ඔලිම්පික්: සරණාගතයන් නියෝජනය කරන යුස්රා

යුස්රා මර්දිනි දහ අට හැවිරිදි සිරියානු ජාතික පිහිනුම් ක්‍රීඩිකාවක්. ඇය ජීවත් වූ ප්‍රදේශයට එල්ල වූ දැඩි බෝම්බ ප්‍රහාර හමුවේ යුස්රා ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයන් සිරියාවෙන් පලා යන්නේ සිය ජීවිත ලංසුවට තබමින් මධ්‍යධරනී මුහුද හරහා කුඩා ඩිංගි බෝට්ටුවකයි.

ග්‍රීසියේ ලෙස්බොස් දූපතට මිනිත්තු තිහකින් ලඟා විය හැකි දුරකට පැමිණෙන යුස්රා පැමිණි බෝට්ටුව මුහුද මැද නතර වෙන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන්.

Image copyright Getty Images

ඇය සිය සොහොයුරිය සහ තවත් තරුණියකගේ සහය ඇතිව විසි දෙනෙකුට අධික සරණාගතයන් සිටි බෝට්ටුව ගොඩබිම වෙත ඇදගෙන යමින් ශීත මුහුදු ජලයේ පැය තුන හමාරකට අධික කාලයක් පිහිනීමෙන් සිය ජීවිතය බේරා ගැනීමට සමත් වෙයි.

අද වන විට යුස්රා මර්දිනි 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ සරණාගතයන් වෙනුවෙන් වෙන් වූ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටින ක්‍රීඩිකාවක්! හැඳිවත පමණක් ඇතිව සිරියාවෙන් ග්‍රීසියට පලා ආ යුස්රා ඔලිම්පික් වෙත ගිය ගමනට සවන් දෙන්න.

බීබීසි වාර්තාකාරිණි එමී ලුවිස් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සංදේශය වෙනුවෙන් සැකසුවේ පවිත්‍රා පෙරේරා.