බටහිර ඉන්දියාවේ පාලමක් ගංගාවකට කඩා වැටෙයි

In this photograph released by The Indian Coast Guard on August 3, 2016, bystanders look at the partially collapsed bridge over the River Savitri in Raigad District some 100kms from Mumbai

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

1940 දී ගොඩනංවන ලද පාලමකුයි මෙසේ බිඳීගොස් ඇත්තේ

ඉන්දියාවේ මුම්බායි නගරය සහ වෙරළාසන්න සංචාරක පාරාදීසයක් වන ගෝව යාකෙරෙන අධිවේගී මාර්ගයේ ගංගාවක් හරහා වැටී ඇති පාළමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකුවත් අතුරු දහන් වී ඇත.

බදාදා උදෑසන සිදුවූ මෙම අනතුරේ දී මගීන් රැගත් බස්රථ දෙකක් ජලය පිරී ගලායන ගංගාවට ඇද වැටුණු බව බලධාරීහු පවසති.

සංජේ පටිල් නම් පොලිස් නිලධාරීවරයා ඇසෝසියේටඩ් පුවත් සේවයට පැවසුවේ කිසිදු වාහනයක් හෝ දිවි බේරා ගත් අයෙකු පිළිබඳව වාර්තා වී නැති බවයි.

අධික වර්ෂාව දිවි බේරාගැනීමේ මෙහෙයුම් වලට බාධාවක් වී ඇති අතර වාහන ගමනාගමනය ප්‍රදේශයේ වෙනත් පාලමක් ඔස්සේ සිදුවෙමින් පවතී.

ජාතික අපදා කළමනාකරණ ආයතනයේ ප්‍රධානී ඕ පී සිං පැවසුවේ කිමිදුම් කරුවන් ඇතුළු සහන සේවකයන් 80 ක් ප්‍රදේශයට යවා ඇති බවයි.

ඔහු පැවසුවේ අධික වර්ෂාව හේතුවෙන් සාවිත්‍රි නදියේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතින අවස්තාවක මෙම පැරණි පාලම කඩාවැටුණු බවයි.

පසුගිය මාර්තු මාසයේ දී කල්කටා නගරයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසකට තුවාල සිදුවිය.

2011 දී බටහිර බෙංගාලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වෙද්දී පාළමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 132 දෙදෙනෙකුට තුවාළ සිදුවූ බවයි වාර්තාවල සඳහන් වන්නේ.