ගින්නෙන් දැවෙන එමිරේට්ස් යානය

ඉන්දියාවේ සිට මගීන් දෙසීය අසූ දෙදෙනකු රැගෙන ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් යානයක් ඩුබායි ගුවන් තොටුපලට ගොඩ බස් වන අවස්ථාවේ අනතුරට ලක් වී තිබේ.

අනතුරට පත් යානයේ සිටි සියලු මගීන් ආරක්ෂාකාරී ලෙස යානයෙන් ඉවත් කර ගත් බවයි බලධාරීන් පවසන්නේ.

බඳ කොටස පොළොවේ ස්පර්ශ වී තිබූ බෝයින් 777 යානයෙන් කළු පැහැති දුම් කන්දක් ඉහළ නගින ආකාරය දැක ගත හැකි විය.

ඉන්දියානු රූපවාහිනියට අදහස් දැක්වූ යානයේ සිටි මගියෙක් කියා සිටියේ යානයේ කාර්ය මණ්ඩලයෙන් කිසිඳු අනතුරු හැඟවීමක් නොලැබුණු බවයි.