'රසල් ස්ක්වෙයාර්' ප්‍රහාරයෙන් එක් අයෙක් මරුට, පහකට තුවාළ

Forensics officers on the scene

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලන්ඩනයේ 'රසල් ස්කුවෙයාර්' ප්‍රදේශයේ දීයි මෙම ප්‍රහාරය සිදුවූයේ

මධ්‍යම ලන්ඩනයේ 'රසල් ස්ක්වෙයාර්' හි දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් පස් දෙනෙකුට තුවාල සිදුවී ඇත.

බදාදා රාත්‍රී 10:33 ටපමණ පොලීසියට කැඳවුමක් ලැබී ඇත්තේ පුද්ගලයකු විසින් පිහියකින් ඇනීමෙන් කාන්තාවකට සහ තවත් පිරිසකට තුවාළ සිදුකිරීමේ සිද්ධියක් හේතුවෙන්.

වයස 60 ක් පමණ වූ එම කාන්තාව පසුව මියගිය බවයි වාර්තා වුයේ.

A police officer at the scene in Russell Square

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

පොලීසිය ඉතාමත් දුෂ්කර සේවයක යෙදී සිටින බවයි ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් පැවසුවේ

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රහාරකයා වයස 19 ක තරුණයෙක් වන අතර ඔහු දැඩි රැකවරණ මැද රෝහල් ගත කර ඇත.

ඔහුගේ මානසික අස්ථාවරභාවය මෙම සිදුවීමට ප්‍රබල හේතුවක් විය හැකි බවයි මෙට්‍රොපොලිටන් පොලීසිය ප්‍රකාශ කළේ.

කෙසේවුවද මෙය ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාවක්ද යන්න පිලිබඳ තවමත් සලකා බලමින් සිටින බවයි ප්‍රකාශ කළේ.

Scene of knife attack Russell Square
ඡායාරූප ශීර්ෂ වැකිය,

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ට ආසන්න රසල් ස්කුවෙයාර් ප්‍රදේශය ලන්ඩනයේ ජනාකීර්ණව පවතින ප්‍රදේශ වලින් එකකි

මේ අතර ලන්ඩනයේ වීදි පුරා සිටින පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කෙරෙනු ඇති බවයි පොලිස් ප්‍රකාශකයෙක් පැවසුවේ.

ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව සුපරික්ෂාකාරීව සිටින ලෙසයි.

Forensics officer on the scene
ඡායාරූප ශීර්ෂ වැකිය,

අපරාධ විමර්ශන කණ්ඩායම් ප්‍රහාරය සිදුවූ ස්ථානය පරීක්ෂා කරන අයුරු