උපන්දින උත්සවයේ ගින්නෙන් 13 ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
උපන්දින කේක්ගෙඩිය මත වූ ඉටිපන්දම් නිසා ගින්න හටගත් බවයි පැවසෙන්නේ
උතුරු ප්‍රංශයේ රූවන් නගරයේ ආපන ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් හය දෙනෙකුට තුවාල සිදුවිය.
මධ්‍යම රාත්‍රියේ එහි පැවති උපන්දින උත්සවයක දී ගින්න හටගත් බවයි පොලීසිය පවසන්නේ.
ඡායාරූප මූලාශ්‍රය, AFP
මියගියවුන් බිම් මහලේ සිරවී සිටි බවයි පැවසෙන්නේ
උපන්දින කේක්ගෙඩිය මත වූ ඉටිපන්දම් නිසා ගින්න හටගත් බව විශ්වාස කෙරෙන අතර උත්සවය පැවති බ්ම් මහලේ සීලිමට නිමවා තිබූ ද්‍රව්‍යය ගිනිගෙන විෂ වායුවක් හටගෙන ඇති බවටයි සැලකෙන්නේ.
මියගියවුන්ගෙන් ගෙන් වැඩි පිරිස වයස විස්ස නොඉක්මවූ නවයොවුන් වියේ සිටියවුන් වන අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවූ බව සනාථ කොට ඇත.
ඡායාරූප මූලාශ්‍රය, AP
ගිනි රස්නය හේතුවෙන් බෝතල් උණු වී ගොස් ඇති අයුරු