'ඉරාක් ගම්වැසියන් IS ග්‍රහණයේ'

  • 2016 අගෝස්තු 6
IS militants (file photo) Image copyright AP

ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ පවතින ප්‍රදේශවලින් පිටතට සාමාන්‍ය වැසියන් ජාවාරම් කළ බවට චෝදනා කරමින් කුලී රථ රියදුරන් පස් දෙනකුට මරණ දණ්ඩනය ලබා දීමට අයිඑස් කැරලිකරුවන් කටයුතු කොට ඇති බව ඉරාකයෙන් වාර්තා වේ.

ඉරාකයේ බටහිර දිග පිහිටි 'කයිම්' නගරයේ දී රියදුරන්ගේ හිසට වෙඩි තබා මරා දමන ආකාරය දැක ගැනීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට සහ නගර වැසියන්ට බල කොට තිබේ.

සිය පාලනයෙන් පැන යාමට උත්සහ කරන පුද්ගලයන්ට ඒ හා සමාන ඉරණමකට මුහුණ දීමට සිදු වනු ඇති බවටත් කැරලිකරුවන් අනතුරු හඟවා ඇත.

උතුරු දිග ඉරාකයේ අයිඑස් පාලනයේ පවතින ගම්මානවල සිට කුර්දි පාලන ප්‍රදේශ වෙත පළා ගිය වැසියන්ට ඉස්ලාමීය රාජ්‍ය තුවක්කු කරුවන් වෙඩි තබා ඇති බව කුර්දි හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එහිදී ගම්වැසියන් දෙදෙනකු මරුමුවට පත් වී ඇති අතර තවත් සිය දෙනකු පමණ අයිඑස් භාරයට පත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර