පිස්ටෝරියස්ගේ අතේ කැපුම් තුවාල

Oscar Pistorius in court for sentencing Image copyright Reuters
Image caption ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු විය

බන්ධනාගාර ගත කොට සිටින දකුණු අප්‍රිකානු ඔලිම්පික් මළල ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ගේ අතේ මැණික්කටුව ප්‍රදේශයේ කැපුම් තුවාල සිදු වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුට රෝහල් ප්‍රතිකාර ලබා දී තිබේ.

''සුළු තුවාල'' ලබා සිටි ඔහු ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර සේවයේ ප්‍රකාශකයකු කියා සිටියේ.

තමන් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ නොකළ බව පිස්ටෝරියස් කියා සිටි බවත් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

දකුණු අප්‍රිකානු ආබාධිත ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර ඒ සඳහා ඔහුට ලබා දුන් පස් අවුරුදු සිර දඬුවම ප්‍රමාණවත් නොවන බවට අභිචෝදකයෝ තර්ක කරති.

ඉහත කී සිර දඬුවම් කාලය නැවත සලකා බැලීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බවත් නීතිවේදීහු පවසති.

පිස්ටෝරියස්ගේ සිර කුටියේ තිබී බ්ලේඩ් තල හමු වී ඇති බව වාර්තා වේ.