පාකිස්තානයේ රෝහලකට ප්‍රහාරයක්

Injured lawyer after Quetta blast Image copyright AFP
Image caption මරුමුවට පත් පිරිසෙන් වැඩි දෙනකු නීතිඥයන් සහ මාධ්‍යවේදීන් වන බවයි පැවසෙන්නේ

පාකිස්තානයේ කුවේටා නගරයේ රෝහලක් තුළ සිදු වූ පිපිරීමකට හසු වී පුද්ගලයන් පනස් තුන් දෙනකු මරුමුවට පත් වී තවත් තිස් දෙනකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

බලුචිස්තාන් පළාතේ ප්‍රධාන නගරය වන කුවේටාහි පිහිටි සිවිල් රෝහල මරාගෙන මැරෙන ප්‍රහාරයක ඉලක්කය වී ඇති බවට සැක කෙරේ.

සඳුදා උදෑසන වෙඩි තබා ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ නීතිඥයකුගේ මෘත ශරීරය රෝහල වෙත රැගෙන ආ තවත් නීතිඥවරුන් පිරිසක් මරුමුවට පත් අය අතර සිටින බවයි පළාත් ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා කියා සිටියේ.

එම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් ද මරුමුවට පත් පිරිස අතර සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Image copyright AP
Image caption ප්‍රහාරයෙන් අනතුරුව මෝටර් රථයක් තුළ හදිසි ප්‍රතිකාර ලබන නීතිඥවරුන් දෙදෙනෙක්

තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබා දෙන කුවේටා නගරය පුරා පිහිටි රෝහල් තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

බලුචිස්තාන් පළාත් නීතිඥ සංගමයේ සභාපති බිලාල් කාසි කුවේටා නගරයේ ප්‍රධාන අධිකරණ සංකීර්ණය වෙත එමින් සිටියදී වෙඩි තබා ඝාතනය කොට ඇති බව එරට මාධ්‍ය වාර්තා කොට තිබිණි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර