පකිස්තාන නීතිඥයෝ වැඩ වර්ජනයක

pakistan
ඡායාරූප ශීර්ෂ වැකිය,

බෝම්බ ප්‍රහාරයෙන් මියගියවුන්ගෙන් වැඩි දෙනෙක් නීතිඥයන්ය

පුද්ගලයන් හැත්තෑවකට වැඩි පිරිසක් ඝාතනය කෙරෙමින් ක්වෙටා හි සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයට එරෙහිව විරෝධය පළ කරමින් පකිස්ථානය පුරා සිටින නීතිඥයෝ වැඩ වර්ජනයක යෙදී සිටිති.

රෝහලක් තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිසෙන් වැඩිදෙනෙකු නීතිඥයන් බවයි වාර්තා වන්නේ.

වෙඩි තබා මරා දැමුණු තම සහෝදර නීතිඥයෙකු වෙනුවෙන් ශෝක වීම සඳහා නීතිඥයන් පිරිස රෝහල තුළ සිටිය දීය බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මියගියවුන් වෙනුවෙන් ශෝක වන පිරිස්

මේ අතර පකිස්තාන ජනාධිපති නවාස් ෂරීෆ් ඉල්ලා තිබුණේ බෝම්බ ප්‍රහාරය පිළිබඳව විරෝධය පළකරන ලෙසයි.

පකිස්ථාන තාලිබාන් කණ්ඩායමෙන් බිඳී ගිය කණ්ඩායමක් වන ජමාත් අල් අහ්රාර් සහ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යන කණ්ඩායම් දෙක විසින් බෝම්බ ප්‍රහාර පිළිබඳව වගකීම භාරගනු ලැබ තිබුණි.