MH-370 : මිනිත්තුවකට මීටර් හයදහසක වේගයකින් මුහුදට

MH-370 : මිනිත්තුවකට මීටර් හයදහසක වේගයකින් මුහුදට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

මින් වසර දෙක හමාරකට පෙර ක්වාලාලම්පූර් සිට බේජිං නුවර බලා ගමන් ගත් MH-370 යානය කාර්යමණ්ඩලය ඇතුළු මගීන් දෙසිය තිස් නම දෙනෙකු සමග අතුරුදහන් විය.

MH-370 යානයෙන් නිකුත් වූ ස්වයංක්‍රීය සංඥා විශ්ලේෂණය කොට ලබා ගත් දීර්ඝ විස්තර ඇතුළත් වාර්තාවට අනුව යානය ඉන්දියන් සාගරයේ බටහිර ඕස්ට්‍රේලියාවට ආසන්නයෙන් මුහුදට කඩා වැටී ඇති බව හෙළිදරව් වී ඇතැයි ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

එම වාර්තාවට අනුව මිනිත්තුවකට මීටර් හයදහසක අධික වේගයකින් (20,000ft a minute) ගුවනේ සිට මුහුදට කඩා වැටුණු යානය කොටස් වශයෙන් මුහුදුබත් වී ඇති බවයි හෙළි වී තිබෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

MH-370 සෝදිසි මෙහෙයුම්

ඕස්ට්‍රේලියාවේ ගමනාගමන ආරක්ෂක කාර්යාංශයේ කොමසාරිස් ග්‍රෙග් හුඩ් කියා සිටියේ අනාවරණය වී ඇති නවතම තොරතුරු සහ ගුවන් යානයේ නිෂ්පාදකයන් ඉදිරිපත් කළ දත්ත අනුව මේ වන විට සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන කලාපයේම යානය මුහුදු බත් වී ඇති බවට නිගමනය කළ හැකි බවයි.

මින් වසර දෙක හමාරකට පෙර ක්වාලාලම්පූර් සිට බේජිං නුවර බලා ගමන් ගත් MH-370 යානය කාර්යමණ්ඩලය ඇතුළු මගීන් දෙසිය තිස් නම දෙනෙකු සමග අතුරුදහන් විය.