බංග්ලාදේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ දඬුවම

Image caption ඔහුට මෙසේ මරණ දඬුවම නියමවූයේ 1971 වසරේ නිදහස් සටන පැවති අවධියේ සිදුකළ වධහිංසා කිරීම් සහ මරා දැමීම් වලට වරදිකරුවීම හේතුවෙන්

බංග්ලාදේශයේ යුද අපරාධ අධිකරණයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණීය දණ්ඩණය නියමකළේය.

බංග්ලාදේශයේ ප්‍රධාන ඉස්ලාම්වාදී පක්ෂය වන ජමාත් එ ඉස්ලාම් පක්ෂයේ නායක සහ හිටපු ශිෂ්‍ය නායකයෙකුද වන සකවත් හුසේන්ට මෙසේ මරණ දඬුවම නියමවූයේ 1971 වසරේ නිදහස් සටන පැවති අවධියේ සිදුකළ වධහිංසා කිරීම් සහ මරා දැමීම් වලට වරදිකරුවීම හේතුවෙන්.

මෙම අධිකරණය විසින් දෙනු ලැබූ මරණීය දණ්ඩන තීන්දු මාලාවක නවතම තීන්දුව මෙය බවටයි වාර්තා වන්නේ.

පසුගිය මැයි මාසයේ දී ජමාත් එ ඉස්ලාම් පක්ෂයේ හිටපු නායකයා වූ මොටිවුර් රහ්මාන් නිසාමිට මරණීය දණ්ඩණය දෙනු ලැබීය.

එහෙත් ජමාත් එ ඉස්ලාම් පක්ෂය පවසන්නේ තම නායකයන් වරදක් කර නොමැති වුවත් මෙම නඩු ඇසීම් දේශපාලන වුවමනාවන් මත සිදුවූ ඒවා බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්