බ්‍රසීල දෝෂාභියෝගයට සෙනෙට් සභාවේ අනුමැතිය

Image caption පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ණය ගැනීම සහ වියදම් කිරීම පිළිබඳව ඇයට චෝදනා එල්ලවිය

තනතුර අත්හිටවූ බ්‍රසීල ජනාධිපතිනී දිල්මා රෝසෙෆ් ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට ගෙනයා යුතු බව අනුමත කරමින් සෙනෙට් සභාවෙ තුනෙන් දෙකකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කළහ.

2014 වසරේ මැතිවරණයට පෙර අයවැය පියවීම පිණිස පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ණය ගැනීම සහ වියදම් කිරීම පිළිබඳව ඇයට චෝදනා එල්ලවිය.

මෙම සෙනෙට් සභාවෙ ඡන්දවිමසීමෙන් පසු තවත් ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති අතර දෝෂාභියෝගය ඉදිරියට ගෙන යාම සඳහා එහිදීද තුනෙන් දෙකක එකඟතාවයක් අවශ්‍යවේ.

තමා කිසිදු වැරැද්දක් කර නැති බව දිල්මා රෝසෙෆ් පැවසුවද බ්‍රසීල සෙනෙට් සභාව විසින් පසුගිය මැයි මාසයේ ඇය ජනාධිපති තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා දමනු ලැබීය.

යම්හෙයකින් දෝෂාභියෝගයෙන් පසු ඇයට ජනාධිපති තනතුරින් ඉවත්වීමට සිදුවුවහොත් 2018 දී මීළඟ ජනාධිපතිවරණය පවත්වන තෙක් දැනට වැඩ බලන ජනාධිපති මයිකල් ටෙමර් බ්‍රසීලයේ ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර