ගංවතුරේ වික්‍රමාන්විත අලි මෙහෙයුමක්

A tranquillised elephant lies on the ground after being pulled from a pond in the Jamalpur district, Bangladesh.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

නිර්වින්දනය කිරීමෙන් පසු ඇද වැටුණු ඇතින්න ගම්මුන් පැමිණ බේරාගත්හ

සති කිහිපයකට පෙර ඊසානදිග ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් තම රැලෙන් වෙන්වී ගසාගෙන ගිය ඇතින්නක් යාබද බංග්ලාදේශයේ දී මුදා ගැනුණි.

ගංවතුර හේතුවෙන් බ්‍රහ්මපුත්‍ර නදියේ අධික වේගයෙන් ගලා ගිය ජල කඳ දිගේ එම ඇතින්න ගසාගෙන ගොස් තිබුණි.

ඇතැම් විශේෂඥයන් පවසන්නේ එසේ ගසාගෙන ගිය අලියා බංග්ලාදේශයට පැමිණීමට පෙර සැතපුම් සිය ගණනක් ජලපහරේ ඇවිදගෙන පැමිණ ඇති බවයි.

අල්ලා ගැනීම සඳහා නිර්වින්දනය කිරීමෙන් පසු පොකුණ තුළට වැටුණු අලියා ගිලී මිය යා නොදී බේරා ගැනීමට ගම්වාසීහු දැඩි වෙහෙසක් ගත්හ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අලියා සිහිසුන්ව පොකුණට ඇදවැටෙනු දුටු සියගණනක් ගම්වාසීන් පැමිණ බේරාගැනීමට උදව් වූ බවයි ප්‍රදේශයේ පශුවෛද්‍යවරයෙකු වන සයිඩ් හුසේන් AFP පුවත්සේවයට පැවසුවේ.

"දහයක් දොළහක් පමණ පිරිසක් පොකුණට පැනල අලියව කඹ වලින් සහ යකඩ දම් වැල් වලින් බඳින්න අපිට උදව් කළා. ඊට පස්සේ ගම්වැසියන් සියගණනකගේ උදව්වෙන් අපි අලියව ගොඩට අද ගත්ත" යනුවෙන් ඔහු පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගංවතුර හේතුවෙන් දහස් ගණනක් සතුන්ට saamaඋස්බිම් වෙත යාමට සිදුවී තිබේ

ටොන් හතරක් පමණ බර බවට සැලකෙන මෙම ඇතින්න නිර්වින්දනය කිරීමට පෙර සතිගණනක් දේශ සීමාව අසල ජමාල්පුර් හි ගංවතුර තුළ ගතකිරීම හේතුවෙන් දුර්වල තත්වයට පත්වී සිටියාය.

පවතින අධික වර්ෂාව නිසා උස බිමකට යාමට ඇතින්න දැඩි වෙහෙසක් ගනිමින් සිටි බවයි වාර්තාවන්නේ.

මෙම සතා බේරා ගැනීමට බංග්ලාදේශ වනජීවී නිලධාරීන් මේ මස මුලපටන් ඉන්දියානු නිලධාරීන්ගේ සහයෝගය ද ඇතිව ගත් උත්සාහය අසාර්ථක වී තිබුණි.

කෙසේවුවද, මෙම ඇතින්න ශක්තිමත් වූවාට පසු ධකා නගරය ආසන්න සෆාරි උද්‍යානයට රැගෙන යන බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ. එහෙත් මහාමාර්ග නොපවතින බැවින් එම දුර පයින්ම ගමන් කිරීමට ඇතින්නට සිදුවනු ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දේශ සීමාවේ සිටින දහස් ගණනක් වනසතුන්ට සෑම වසරකම ගංවතුර හේතුවෙන් උස බිම් වෙත අවිදයාමට සිදුවේ.

දිනෙන් දින කුඩාවී යන වනය හේතුවෙන් මෝසම් සහ ගංවතුර කාල වලදී ආරක්ෂක ස්ථාන වෙත යාමට වනසතුන්ට නොහැකිවී තිබේ