IS සන්නද්ධකරුවන් පලායන මග සිරියානු කැරලිකරුවෝ වසාදමති

A fighter helps civilians who were evacuated an Islamic State-controlled neighbourhood of Manbij, Syria, 12 August

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව (SDF) සමන්විතවන්නේ බලසම්පන්න කුර්දි සහ YPG සන්නද්ධ කණ්ඩායම් වලිනි

IS සන්නද්ධකරුවන්ට යුරෝපයට පලායාමට ඇති මග අහුරමින් සිරියාවේ මන්බිජ් නගරය මුදා ගත් බව සිරියානු කැරලිකරුවෝ පවසති.

දින 73 ක් සටන් වැදුණු මිත්‍ර කැරලිකාර කණ්ඩායම් විසින් ඉස්ලාම් රාජ්‍ය සටන්කරුවන් පලිහක් ලෙස යොදාගෙන තිබූ 2000 කට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් මුදාගනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

මන්ජිබ් නගරයෙන් මුදාගත් සාමාන්‍ය වැසියන් සනසන සටන්කාරිනියක්

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් තුර්කි දේශ සීමාවේ ඇති මන්බිජ් නගරය අල්ලා ගනු ලැබුවේ මීට වසර දෙකකට ඉහත දීය.

මන්බිජ් නගරය මුදා ගැනීමත් සමග නිදහසේ යුරෝපයට යාමට සහ ඒමට ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් වලට තිබූ හැකියාව මුළුමනින්ම වසා දමා ඇති බවයි සිරියාවේ කුර්දි කැරලිකාර කණ්ඩායම් නායක සලි මුස්ලිම් ප්‍රකාශ කළේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

මුදාගත්තවුන් අතර අලුත මව් පදවිය ලැබූ කාන්තාවන්ද සිටියහ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

මුදාගනු ලැබූ එක් සාමාන්‍ය වැසියෙක් සිනහමුසු මුහුණින් තම රැවුල කපා දමන ආකාරය

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව (SDF) සමන්විතවන්නේ බලසම්පන්න කුර්දි සහ YPG සන්නද්ධ හමුදාවන්ගෙන් වන අතර ඇමරිකාව නායකත්වය දෙන ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහි ගුවන් ප්‍රහාර වල දී ගොඩබිමින් සහය ලබාදෙන්නේ එම හමුදාවන්ය.