නිව්යෝක් නුවරදී ඉමාම්වරයකු ඝාතනය කෙරෙයි

A crowd of community members gather at the place where Imam Maulama Akonjee was killed in the Queens borough of New York City, August 13, 2016 Image copyright Reuters
Image caption ඉමාම්වරයාගේ ඝාතනය හේතුවෙන් ශෝකයට පත් නිව්යෝක්හි වෙසෙන බංගලාදේශ මුස්ලිම් ප්‍රජාව

ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටි ඉස්ලාමීය පූජකයකු සහ ඔහුගේ සහායකයා වෙඩි තබා ඝාතනය කොට තිබේ.

වීදියේ ගමන් කරමින් සිටියදී පසු පසින් පැමිණි යමකු විසින් ඔවුන්ගේ හිසට වෙඩි තබා ඇති බවයි පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේ.

පනස් පස් හැවිරිදි මවුලාමා අකොන්ජී නමැති ඉමාම්වරයා මීට වසර දෙකකට පෙර බංගලාදේශයේ සිට නිව්යෝක් නගරයට පැමිණි අයකු බව වාර්තා වේ.

ආගම මුල් කර ගනිමින් ඝාතනය සිදු වී ඇති බව හැඟවෙන සාක්ෂි කිසිවක් මෙතෙක් හමු වී නැති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ගිනි අවියක් රැගත් පුද්ගලයකු සිටිනු දැක ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය සඳහන් කළේය.