බංග්ලාදේශයේ දී ගංවතුරෙන් මුදාගත් ඇතින්න මරුට

crowds pulling on an elephant with ropes in floodwater, 16 August 2016

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගංවතුරෙන් අලියෙකු බේරාගන්නා අවස්ථාවක්

ඉන්දියාවේ සිට සැතපුම් සියගණනක් ගංවතුරට ගසාගෙන ගොස් සිටියදී බංග්ලාදේශයේ ගම්වැසියන් පිරිසක් විසින් බේරාගත් ඇතින්න මිය ගියාය.

ඊසාන දිග ඉන්දියාවේ පැවති ගංවතුරක දී සැඩපහරට හසුව ගසාගෙන ගිය ඇතින්න යාබද බංග්ලාදේශයේ දී හමුවන විටත් දිනගණනක් ජලයේ ගතකර තිබුණු බවයි වාර්තා වූයේ.

මෙම ඇතින්න සැතපුම් 1060 ක් පමණ ගංගාව ඔස්සේ ගමන්කොට තිබුණු අතර ගොඩ ගැනීම සඳහා නිර්වින්දනය කිරීමේ දී දුර්වල වී ජලයේ ගිළී යද්දී ගම්වැසියන් විසින් බේරා ගැනුණි.

ඇතින්න මියයන්නට ඇත්තේ හෘදයාබාධයකින් වියහැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

පශුවෛද්‍ය මුස්ටෆිසර් රහ්මාන් උපුටා දක්වන ප්‍රාදේශීය පුවත්පතක් වාර්තා කළේ ආතතිය සහ විජලනය හෘදයාබාධයට හේතුවී ඇති බවයි.

ටොන් හතරක් පමණ බරකින් යුක්ත වූවද ප්‍රමාණවත් ආහාරයක් නොමැතිව සති ගණනක් ගංවතුරේ සිටි හේතුවෙන් ඇතින්න දුවර්ල වූ බවයි ඔහු පවසා ඇත්තේ.