වෛරස් වඩාත් භයානක වන්නේ උදෑසනට

Virus Image copyright SPL

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකට අනුව දවසේ සෙසු කාලයට වඩා උදෑසන වෛරසයකට ලක්වීම භයානක බව සොයාගෙන ඇත.

PNAS සඟරාවේ පළවී ඇති වාර්තාවේ සඳහන් ආකාරයට උදෑසන වෛරස් ආසාදනයක් සිදුවන්නේ නම් එය අනෙක් කාලවලට වඩා දස ගුණකින් දරුණු ලෙස සිදුවන බවයි පර්යේෂණයෙන් සනාථ වී ඇත්තේ.

සතුන් යොදාගෙන කරන ලද පර්යේෂණ වලට අනුව සොයාගෙන ඇත්තේ දිගු ගුවන් ගමනකින් හෝ රාත්‍රී නිදිවර්ජිත රැකියාවක් හේතුවෙන් 'body clock' නැතහොත් මිනිස් මනසේ පවතින කාලය හඳුනා ගැනීමේ හැකියාවට බාධා පැමිණි විට වෛරසයන්ට ගොදුරුවීමේ අවදානම වැඩි බවයි.

Image copyright SPL
Image caption උදෑසන කාලයේ දී ප්‍රවේසම් වීමෙන් අසාදන වලක්වා ගත හැකිය

පර්යේෂකයන් පවසන්නේ මේ නව සොයාගැනීම් වසංගත රෝග පැතිරයාම මර්ධනය කිරීමේ දී ප්‍රයෝජනවත් වන බවයි.

බැක්ටීරියා හෝ පරපෝෂිතයන් මෙන් නොව වෛරස් වැඩීම සිදුවන්නේ සෛල තුළ ඇති ජීව තාක්ෂණය මුළුමනින්ම අකර්මණ්‍ය කරමිනි.

එහෙත් එම සෛල වෙනස්වීමකට භාජනය වන්නේ 'body clock' නැතහොත් මිනිස් මනසේ පවතින පැය 24 රේ කාලය හඳුනා ගැනීමේ හැකියාවට අනුවයි.

මෙම අධ්‍යයනයේ දී මීයන් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය වැනි බහුලව පවතින වෛරස වලට ලක්කෙරුණු අතර උදෑසන වෛරසයට ලක් කළ මීයන් ගේ අසාදනය දස ගුණයක් ඉහළ තත්වයක පැවතුණි.

පර්යේෂණය මගින් සනාථ වී ඇත්තේ 'body clock' නැතහොත් මිනිස් මනසේ පවතින පැය 24 රේ කාලය හඳුනා ගැනීමේ හැකියාවට බාධා සිදුවීමෙන් සෛල තුල වෛරස වැඩීමට උපකාර වන බවයි.

දින කිහිපයක් රාත්‍රී සේවයේ යෙදී තවත් දින කිහිපයක් දිවා කාලයේ සේවය කරන්නන්ගේ 'body clock' නැතහොත් මිනිස් මනසේ පවතින කාලය හඳුනා ගැනීමේ හැකියාවට බාධා සිදුවන බවයි. දොස්තර රැචෙල් එඩ්ගාර් පැවසුවේ.