කාශ්මීරයේ උද්ඝෝෂණ අතරතුර තවත් සිව් දෙනෙක් මරුට

  • 2016 අගෝස්තු 16
ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා අත්හිටුවා ඇතත් උද්ඝෝෂණ මැඩපැවැත්වීමට අසමත් වී ඇති බව වාර්තාකරුවෝ පවසති. Image copyright Getty Images
Image caption ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා අත්හිටුවා ඇතත් උද්ඝෝෂණ මැඩපැවැත්වීමට අසමත් වී ඇති බව වාර්තාකරුවෝ පවසති.

ඉන්දීය කාශ්මීරයේ බෙදුම්වාදයට සහාය දක්වා පැවති උද්ඝෝෂණ අතරතුර සාමාන්‍ය වැසියන් සිව් දෙනකු මරුමුවට පත් වී තවත් නව දෙනකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

සති කීපයක් පුරා පැවති උද්ඝෝෂණ අතරතුර මරුමුවට පුද්ගලයන් සංඛ්‍යාව හැටකට අධිකයි.

ස්ථාන දෙකකදී සිදු කළ වෙඩි තැබීම්වලින් ඉහත කී පුද්ගලයන් සිව් දෙනා මරුමුවට පත් වූ බවයි පොලිසිය පවසන්නේ.

ඉන් එක් අවස්ථාවකදී, ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් සිටි තරුණයන් කණ්ඩායමක් දෙසට ආරක්ෂක අංශ වෙඩි තබා ඇති බවත් පොලිසිය කියා සිටියේය.

එම වෙඩි තැබීම සිදු කොට ඇත්තේ කැරලිකරුවන් බවට සැක කෙරෙන පිරිසක් විසින් පොලිස් නිලධාරියකු ඝාතනය කරනු ලැබීමෙන් දිනකට පසුවයි.

ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා අත්හිටුවා ඇතත් උද්ඝෝෂණ මැඩපැවැත්වීමට අසමත් වී ඇති බව වාර්තාකරුවෝ පවසති.

ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඉන්දීය කාශ්මීරයේ උද්ඝෝෂණ ආරම්භ විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර