සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

සංරක්ෂිත ඡායාරූපයක් Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

අර්ධ-ස්වාධීන සෝමාලියානු කලාපයක් වන පුන්ට්ලන්ඩ්හි පළාත් පාලන මූලස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දස දෙනකුට අධික පිරිසක් මරුමුවට පත් වී තිබේ.

ගල්කයෝ නගරයේ පිහිටි ඉහත කී කාර්යාලය ඉදිරිපිටදී බෝම්බ සවි කළ මෝටර් රථ දෙකක් පුපුරා ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති.

ඒ සමග වෙඩි හඬ ඇසුණු බවත් වාර්තා වේ.

මරුමුවට පත් පිරිස අතර ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් සිටින බවත් පැවසේ.

සිය කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බව අල් ශබාබ් ඉස්ලාමීය කණ්ඩායම කියා සිටියි.