ඉරාකයේ තිස් හය දෙනකු එල්ලා මරා දැමෙයි

  • 2016 අගෝස්තු 21
Soldiers said to have been captured by IS prior to execution, 14 June 2014 Image copyright AP
Image caption ටික්‍රිට් නගරයේදී සිය භාරයට ගනු ලැබූ හමුදා සෙබළුන්ගේ දර්ශන අයිඑස් සංවිධානය විසින් පටිගත කොට තිබිණ

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද සමූහ ඝාතනයකට සම්බන්ධ වූ පුද්ගලයන් තිස් හය දෙනෙකු ඉරාකයේ දී එල්ලා මරා දමනු ලැබිණ.

2014 වසරේ සිදු වූ ඉහත කී සමූහ ඝාතනයෙන් ඉරාක ආධුනික හමුදා සෙබළුන් එක්දහස් හත්සීයක් පමණ මරුමුවට පත් විය.

මරුමුවට පත් පිරිස අතරින් බහුතරය ෂියා මුස්ලිම්වරුන්.

Image copyright AFP
Image caption 2015 වසරේදී ටික්‍රිට් ප්‍රදේශය යළි ඉරාක හමුදා අතට පත් වීමෙන් අනතුරුව සමූහ මිනී වලවල් සොයා ගැනීමට හැකි විය

කෙසේ වෙතත් වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා පැවැත්වුණු අධිකරණ ක්‍රියාදාමය මානව හිමිකම් ක්‍රියධරයන්ගේ බරපතළ සැලකිල්ලට භාජනය වී තිබේ.

සමූහ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ඇතැම් පුද්ගලයන්ට කඩිනම් ක්‍රියාදාමයක් ඔස්සේ මරණ දඬුවම නියම කෙරිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර