ඉන්දියාවේ ගංවතුර: තිහකට වැඩි පිරිසක් මරුට

Flood affected people stand on the roof of a submerged house as they wait to be rescued at Kasimpurchak, near Danapur Diara in Patna in eastern Bihar state. Image copyright AFP
Image caption බිහාර් ප්‍රාන්තයේ ගංවතුරට කොටු වී සිටින පිරිසක්

ගංගා නම් නදිය ඇතුළු ප්‍රධාන ගංගා කීපයක ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ යෑමත් සමග ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබේ.

මාධ්‍ය ප්‍රදේශ්, බිහාර්, උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, රාජස්ථානය යන ප්‍රාන්තවල බොහොමයක් ප්‍රදේශ ජලයෙන් යට වී පවතින අතර තිහකට අධික පිරිසක් මරුමුවට පත් වී තිබේ.

දහස් ගණනකට සිය නිවාස අත හැර ආරක්‍ෂිත ස්ථාන කරා යාමට සිදු වී ඇති බවත් වාර්තා වේ.

සහන සේවා සඳහා ගුවන් සහ පා බල හමුදා යොදාවා ඇති නමුත් අවශ්‍ය තරම් ආහාර සහ පානීය ජලය නොමැති බව විපතට පත් බොහෝ දෙනෙක් පවසති.

විපතට පත් වූවන් වෙනුවෙන් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ගණනාවක් සුදානම් කරනු ලැබ ඇති අතර ඇතැමෙක් තවමත් එළිමහන් ප්‍රදේශවල රැඳී සිටිති.

Image copyright AFP
Image caption ගංවතුරෙන් අඩක් යටවූ නිවාසවල වහල මතට නැග සිටින බිහාර් වැසියන්
Image copyright AP
Image caption ගංගා නම් නදියේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ ගොස් තිබේ
Image copyright AP
Image caption අලහාබාද් ප්‍රදේශයේ ගංවතුර
Image copyright AP
Image caption උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නිවසක් අසල කොටු වී සිටින අශ්වයෙක්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර